අපගේ දැක්ම
පොල්ගහවෙල ජනතාවට විශිෂ්ඨ සේවයක්අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහිතව ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමඓතිහාසික තොරතුරු
ශ්‍රි ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි වට්ටාරම පොල්ගහවෙලට නුදුරින් පිහිටා ඇති අතර උන් වහන්සේ අපවත් වී දෙන සෘද්ධියෙන් දඹදෙණිය දක්වා වැඩම කිරීමේදී මලියදේව මහරහතන් වහන්සේගේ සොහොයුරිය පදිංචිව සිටි ස්ථානයට දෙන වැඩම කළ බව ජනප්රවාදයේ පවතින අතර, එම ස්ථානය දෙනගමුව නමින් පොල්ගහවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ප්‍රසිද්ධව ඇත. තවද යාපා පටුන ජය ගත් සපුමල් කුමරු සපුමල් බණ්ඩාර නමින් දේවත්වයට පත්වූ ස්ථානය, පොල්ගහවෙල උඩපොල සපුමල් බණ්ඩාර දේවාලය නමින් පිහිටා ඇත. මෙම දේවාලය කොළමුණු ඔයත්,මා ඔයත් අතර ජනතාවගේ ගෞරව භක්තියට පාත්රව ඇත. පොල්ගහවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බොහෝ විහාරස්ථාන දර්ශණීය ලෙස ගිරි ශිඛර මත පිහිටා ඇත. ඒ අතර නාඹරුවාකන්ද මයුරාවතී විහාරය, යෝගමුවාකන්ද බැලුන්ගල විහාරය, පනලිය රන්සිරි විජයාරාම විහාරය, පුහුරිය රජමහා විහාරය, ඔකඳපොල විහාරය, කොරදොලුව මයුරංගලාරාම විහාරය, මානින්ගමුව ශෛලමස්ථකාරාම විහාරය, හිරිපත්වැල්ල සපුගස් කන්ද විහාරය, ඈගල්ල රංකිතගල විහාරය ප්‍රධාන වේ.
ආයතනයේ විකාශනය
දඹදෙණි හත්පත්තුවේ ආදායම් පාලක නිලධාරී කාර්යාලය ලෙස මුලින්ම පොල්ගහවෙල රත්මල්ගොඩ පිහිටුවා තිබූ කාර්යාලය පසුව ගොඩවෙල යකඩත්තලවත්තේ පිහිටුවන ලදි. 1971 කැරැල්ල අවස්ථාවේදි ගිණි තබා විනාශ කළ එම කාර්යාලය පසුව පොල්ගහවෙල නගරය අසල 1972 දී පොල්ගහවෙල ප්‍රාදේශිය උප දිසාපති කාර්යාලය ලෙස පිහිටුවන ලදි. 1992 වර්ෂයේදි පරිපාලනය විමධ්‍යගත කිරීමේ ක්රියවලියත් සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ප්‍රදේශිය ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදි. 2010-02-08 දින පොල්ගහවෙල නගර සීමාව තුල වර්තමාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විවෘත කරන ලදී.ආරම්භයේදී ග්‍රාම නිලධාරි වසම් විසි අටකින් සමන්විත වූ පොල්ගහවෙල ප්රාදේශය ලේකම් කොට්ඨාශය අද වසම් අසුහතරක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර ගම් 208කින් සමන්විතය. වර්තමානයේ පොල්ගහවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට උඩපොල මැදලස්ස කෝරල කොට්ඨාශය, උඩපොල ඕතොට බටහිර කෝරල කොට්ඨාශය , උඩපොල ඕතොට නැගෙනහිර කොට්ඨාශය, රැකෝපත්තු කෝරල කොට්ඨාශය, පොල්ගහවෙල නගර කොට්ඨාශය යන උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාශ පහ අයත් වේ.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| පී.ආර්. දසනායක මයා | 1963 | |
| යූ.බී. විජේකෝන් මයා | ||
| ඩබ්ලිව්.එස්. පෙරේරා මයා | ||
| පී. වැලිකන්න මයා | ||
| එන්.ඩබ්ලිව්. වෙරළුපිටිය මයා | 1979 | 1983 |
| එස්.එම්.ඒ.එල්. ගුණතිලක මයා | ||
| ඊ.ඩබ්ලිව්. අබේසේකර මයා | ||
| ඩබ්ලිව්.එම්. ජයවර්ධන මයා | ||
| එච්.පී. ඥාණා චන්ද්‍රලාල් මිය | 1990 | 1991 |
| ඩබ්ලිව්.එම්. ජයවර්ධන මයා | 1991 | 1994 |
| ජේ.එම්.ඩී. සිරිවර්ධන මයා | 1994 | 1995 |
| ඩබ්ලිව්.එම්. ජයවර්ධන මයා | ||
| ආර්.එම්.බී.ආර්. මොන්නන්කුලම මයා | 1995 | 1996 |
| කේ. සමරවික්‍රම මයා | 1996 | 2003 |
| ඒ.එච්.එස්. විජේසිංහ මයා | 2003 | 2007 |
| ඩී.එම්. හීන්බණ්ඩා මයා | 2007 | 2010 |
| ආර්.එම්.ආර්. රත්නායක මයා | 2010 | 2012 |
| එල්.එච්. රම්‍යසිරි මයා | 2012 | 2017 |
















