20190329 142631

අපගේ දැක්ම

පොල්ගහවෙල ජනතාවට විශිෂ්ඨ සේවයක්

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහිතව ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම

ඓතිහාසික තොරතුරු

ශ්‍රි ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටි වට්ටාරම පොල්ගහවෙලට  නුදුරින් පිහිටා ඇති අතර  උන් වහන්සේ අපවත් වී දෙන සෘද්ධියෙන් දඹදෙණිය දක්වා වැඩම කිරීමේදී මලියදේව මහරහතන් වහන්සේගේ සොහොයුරිය පදිංචිව සිටි ස්ථානයට දෙන වැඩම කළ බව ජනප්‍රවාදයේ පවතින අතර, එම ස්ථානය දෙනගමුව නමින් පොල්ගහවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ප්‍රසිද්ධව ඇත. තවද යාපා පටුන ජය ගත් සපුමල් කුමරු සපුමල් බණ්ඩාර නමින් දේවත්වයට පත්වූ ස්ථානය, පොල්ගහවෙල උඩපොල සපුමල් බණ්ඩාර දේවාලය නමින් පිහිටා ඇත. මෙම දේවාලය කොළමුණු ඔයත්,මා ඔයත් අතර ජනතාවගේ ගෞරව භක්තියට පාත්‍රව ඇත. පොල්ගහවෙල ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශය තුල පිහිටි බොහෝ විහාරස්ථාන දර්ශණීය ලෙස ගිරි ශිඛර මත පිහිටා ඇත. ඒ අතර නාඹරුවාකන්ද මයුරාවතී විහාරය, යෝගමුවාකන්ද බැලුන්ගල විහාරය, පනලිය රන්සිරි විජයාරාම විහාරය, පුහුරිය රජමහා විහාරය, ඔකඳපොල විහාරය, කොරදොලුව මයුරංගලාරාම විහාරය, මානින්ගමුව ශෛලමස්ථකාරාම විහාරය, හිරිපත්වැල්ල සපුගස් කන්ද විහාරය, ඈගල්ල රංකිතගල විහාරය ප්‍රධාන වේ.

ආයතනයේ විකාශනය

දඹදෙණි හත්පත්තුවේ ආදායම් පාලක නිලධාරී කාර්යාලය ලෙස මුලින්ම පොල්ගහවෙල රත්මල්ගොඩ පිහිටුවා තිබූ කාර්යාලය පසුව ගොඩවෙල යකඩත්තලවත්තේ පිහිටුවන ලදි. 1971 කැරැල්ල අවස්ථාවේදි ගිණි තබා විනාශ කළ එම කාර්යාලය පසුව පොල්ගහවෙල නගරය අසල 1972 දී පොල්ගහවෙල ප්‍රාදේශිය උප දිසාපති කාර්යාලය ලෙස පිහිටුවන ලදි. 1992 වර්ෂයේදි පරිපාලනය විමධ්‍යගත කිරීමේ ක්‍රියවලියත් සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ප්‍රදේශිය ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදි. 2010-02-08 දින පොල්ගහවෙල නගර සීමාව තුල වර්තමාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විවෘත කරන ලදී.ආරම්භයේදී  ග්‍රාම නිලධාරි වසම් විසි අටකින් සමන්විත වූ පොල්ගහවෙල ප්‍රාදේශය ලේකම් කොට්ඨාශය අද වසම් අසුහතරක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර ගම් 208කින් සමන්විතය. වර්තමානයේ පොල්ගහවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට උඩපොල මැදලස්ස කෝරල කොට්ඨාශය, උඩපොල ඕතොට බටහිර කෝරල කොට්ඨාශය , උඩපොල ඕතොට නැගෙනහිර  කොට්ඨාශය, රැකෝපත්තු කෝරල කොට්ඨාශය, පොල්ගහවෙල නගර කොට්ඨාශය යන උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාශ පහ අයත් වේ.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
පී.ආර්. දසනායක මයා  1963  
යූ.බී. විජේකෝන් මයා    
ඩබ්ලිව්.එස්. පෙරේරා මයා    
පී. වැලිකන්න මයා    
එන්.ඩබ්ලිව්. වෙරළුපිටිය මයා 1979 1983
එස්.එම්.ඒ.එල්. ගුණතිලක මයා    
ඊ.ඩබ්ලිව්. අබේසේකර මයා    
ඩබ්ලිව්.එම්. ජයවර්ධන මයා    
එච්.පී. ඥාණා චන්ද්‍රලාල් මිය 1990 1991
ඩබ්ලිව්.එම්. ජයවර්ධන මයා 1991 1994
ජේ.එම්.ඩී. සිරිවර්ධන මයා 1994 1995
ඩබ්ලිව්.එම්. ජයවර්ධන මයා    
ආර්.එම්.බී.ආර්. මොන්නන්කුලම මයා 1995 1996
කේ. සමරවික්‍රම මයා 1996 2003
ඒ.එච්.එස්. විජේසිංහ මයා 2003 2007
ඩී.එම්. හීන්බණ්ඩා මයා 2007 2010
ආර්.එම්.ආර්. රත්නායක මයා 2010 2012
එල්.එච්. රම්‍යසිරි මයා 2012 2017

පුවත් සහ සිදුවීම්

01
ජන2024
සර්ව රාත්‍රික පරිතාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිනාව - 2025

සර්ව රාත්‍රික පරිතාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිනාව - 2025

කාර්යාලීය සියලු නිලධාරීන්ට,මියගිය ඥාතීන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට හා...

03
ජන2023
2568  වෛශාක්‍ය මංගල්ල්‍යය

2568 වෛශාක්‍ය මංගල්ල්‍යය

2568 වන වෛශාක්‍ය මංගල්ල්‍යය සමරනු වස් පොල්ගහවෙල...

News & Events

01
ජන2024
සර්ව රාත්‍රික පරිතාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිනාව - 2025

සර්ව රාත්‍රික පරිතාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිනාව - 2025

කාර්යාලීය සියලු නිලධාරීන්ට,මියගිය ඥාතීන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට හා...

03
ජන2023
2568  වෛශාක්‍ය මංගල්ල්‍යය

2568 වෛශාක්‍ය මංගල්ල්‍යය

2568 වන වෛශාක්‍ය මංගල්ල්‍යය සමරනු වස් පොල්ගහවෙල...

27
සැප්2022
ඇසළ උත්සවය -2024

ඇසළ උත්සවය -2024

  ඇසළ පොහොය නිමිති කොටගෙන පොල්ගහවෙල ප්‍රාදේශීය...

13
පෙබ2020
සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2020-02

සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2020-02

සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී....

12
ජූනි2019
පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සෙත් පිරිත් සජ්ජායනය

පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සෙත් පිරිත් සජ්ජායනය

පොසොන් පොහොය වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනය 2019.06.14...

« »
Scroll To Top