ඉඩම් පරිපාලනය
1. ඉඩම් සංවර්ධන ආඥාපනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදාදීම.
2. රජයේ ඉඩම් ආඥාපනත යටතේ බෙදාදී ඇති ඉඩම්වල පසු කටයුතු
මුල් උරුමය පැවරීම
අවශ්‍ය ලේඛන
01. ප්‍රාදේශීය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
02. දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් හා කොපි
03. පත්ඉරු සටහන්
04. ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
05. දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
06. සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර සාමවිනිසුරු ඉදිරියේ
07. දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
08. යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත් හා කොපි
පසු උරුමය පැවරීම
අවශ්‍ය ලේඛන
01. ප්‍රාදේශිය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
02. දීමනා පත්‍රයේ සහ පිඹුරේ කොපි හා මුල් පිටපත්
03. ඉඩමට අදාල පත්ඉරු සටහන්
04. ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
05. පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම් කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා කොපියක්
06. පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
07. මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
08. දීමනාපත්‍රකරුගේ වාචික ප්‍රකාශය
09. අදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය
සියළුම උරුමකරුවන් දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය
දීමනාපත්‍ර කොන්දේසි ලිහිල් කිරීම
01. දීමනාපත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය
02. ඇමුණුම 1 ආකෘතිය මගින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු ඇමුණුම 2 ආකෘතියට දිමනාපත්රකරු අත්සන් කිරීම,සාක්ෂීකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ගැනීම.
03. මුල් ඔප්පුව රජයට භාර දීම.
04. පියවර ගණනාවක් යටතේ නව දීමනා පත්‍රය සකස් කළ පසු රන්බිම සේවා ගාස්තු ලෙස රු.100/- ක් අයකර නව දීමනාපත්‍රය භාර දීම.
දීමනාපත්‍රය අනුමත කර ඇති බැංකුවල ඇපයට තබා ණය ලබා ගැනීමට කටයුතු සලසා දීම
අවශ්‍ය ලේඛන
01. ප්‍රාදේශීය ලේකම් වෙත කරනු ලබන ඉල්ලීමේ ලිපිය.(මෙයට අදාල බැංකු ශාඛාවේ නම හා ලිපිනය)
02. මුල් දීමනා පත්‍රය හා පිටපතක්.
03. පත්ඉරු සටහන්
ජනපද ඉඩම්වල සංවර්ධන ක්‍රියාත්මක කිරීම
අවශ්‍ය ලේඛන
ව්‍යාපෘති යෝජනාව පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කර පළාත් සභා හෝ උපමානපාදක ව්‍යාපෘතියන් යටතේ අනුමත කරවාගත් පසු එම ප්‍රතිපාදන වලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීම.
රජයේ ඉඩම් විවිධ ආයතන සඳහා දීර්ඝකාලීන බදු ලෙස ලබා දීම
Documents required
අවශ්‍ය ලේඛන
01. ඉල්ලීමේ ලිපිය
02. පිඹුර
03. බදුගෙවන බවට දිව්රුම් ප්‍රකාශ
04. පළාත් පාලන එකඟතාවය
05. 17,14 පරිශිෂ්ඨ
06. සංවිධානයේ ව්‍යාපෘති වාර්තාව
07. සංවිධානයේ ව්‍යවස්ථාව
රජයේ ඉඩමක අයිතිය පැවරීම
ස්වර්ණභූමි, ජයභූමී, රන්බිම දීමනාපත්රලාභී ඉඩම් හිමියෙකුට එම ඉඩමේ අයිතිය වෙනත් අයෙකුට පැවරීමේදී ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය.
01. පැවරුම්ලාභීයා දීමනාපත්‍රකරුගේ ලේ ඥාතියෙකු වීමේ හෝ පැවරුම්ලාභියා ඉඩම් නොමැති අඩු ආදායම්ලාභියෙකු විය යුතුය
02. ඉඩමෙන් කොටසක් පමණක් පවරණූ ලබන්නේ නම් එම ඉඩම් සඳහා වූ දීමනාපත්‍රය අතුරු බෙදීම් වලට අවසර ඇති දීමනාපත්‍රයක් විය යුතුයි.(එසේ අතුරු බෙදීම්වලට අවසර නොමැති දීමනාපත්‍රයක් නම්,අතුරු බෙදුම් සඳහා අවසර ඇති දීමනාපත්‍රයක් බවට කොන්දේසි වෙනස් කර ගත යුතුය.එසේ වීමට නම් ඉඩමේ ප්‍රමාණය පර්චස් 15ක් හෝ ඊට වැඩි විය යුතුය.)
අවශ්‍ය ලියවිලි
01. ඉඩම් අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය.ලිපිය අයිතිකරු විසින් අත්සන් තබා(හෝ එම ස්ථානයේ ඇගිලි සළකුණු තබා) තිබිය යුතුයි.
02. පවරනු ලබන ඉඩමේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්
03. සතියක් වැනි කාලයකදී ලබා ගත් පත් ඉරු ( අවසාන පත් ඉරුව දක්වා තිබිය යුතුයි).
04. පැවරුම්ලාභීයා ලේ ඥාතියකු නම් පැවරුම්කරුට ඇති ලේ ඥාතීත්වය තහවරු කරන ලියවිලි.(උප්පැන්න,විවහ හා මරණ සහතික වලින් තහවරු ලබා ගත හැකිය)
05. පැවරුම්ලාභියාගේ ආදායම පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව.
06. පැවරුම්ලාභියා සතුව ඇති වෙනත් ඉඩම් පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව.
07. ඉඩමේ පැවරීම සම්බන්ධයෙන් එම උරුමකම් කියන අය විසින් (ස්වාමිපුරුෂයා,බිරිඳ හා දරුවන්) කරනු ලබන දිවුරුම් ප්‍රකාශයන්.
08. ඉඩම් පැවරීම නිසා පැවරුම්ලාභියා අසරණ, අනාථභාවයට පත් නොවන හා ඔහුට වෙනත් ඉඩම් ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් හා ඔහු නමින් ඇති වෙනත් ඉඩම්වල සහතික ඔප්පු පිටපත්.
09. පවරනු ලබන්නේ ඉඩමෙන් කොටසක් නම් බෙදා වෙන් කළ ඉඩම් කොටසට අදාල මිනින්දෝරු සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.
10. වෙනත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක ග්‍රාම නිලධාරීවරයකු මඟින් ලේකම් විසින් එම වාර්තා සහතික කර තිබිය යුතුය.
සියලුම සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍යයි.
රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට අත්පත් කර ගන්නා පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන් සදහා
01. අදාල වන්දි මුදල් ප්රදානය කිරිම
අවශ්‍ය ලිපි ලේඛන
01. වන්දි අයදුම්පත්‍රය (වන්දි ඉල්ලීමේ ලිපිය)
02. අදාල අත්පත් කරගත් ඉඩමේ ඔප්පුව
03. අත්පත් කරගත් ඉඩමට අදාල පිඹුර
04. අවුරුදු 10 කට වඩා පළපුරුද්දක් ඇති නීතිඥයෙකුගෙන් ලබා ගත් ඉඩමට අදාල හිමිකම් වාර්තාව
05. ඉඩමට අදාලව ආසන්න සති 2 තුළ ලබාගත් පත්ඉරු
06. අනන්‍යතාවය තහවුරු කිරිම සදහා ජාතික හැදුනුම්පත
මුදල් අය කිරීම්
වන්දිය ලබාදිමේදි රු25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්‍ර ගාස්තුව
02. අත්පත් කර ගැනිමේ පනතේ 38(අ)වගන්තිය යටතේ ගැසට් පත්‍රය නිකුත් කල දින සිට වන්දි ප්රදානය කල දිනය දක්වා කාල සීමාව සදහා වන්දි මුදලට අදාල පොලිය ලබාදීම
වන්දි ලබා ගැනිමට අදාල ලිපිලේඛන ඉදිරිපත් කර වන්දි ලබා ගෙන තිබිය යුතුය. පොලිය ලබා ගැනිමට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.
මුදල් අය කිරීම්
.පොලිය ලබාදීමේදි පොලියෙන් 10% ක බද්දක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවිය යුතුය.පොලිය ලබාදීමේදි රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව
03. ඉඩම් හිමියන් සදහා ලාක් කමිටුව පැවැත්වීම හා දීමනා ලබාදීම
අවශ්‍ය ලිපි ලේඛන
වන්දි ලබා ගැනිමට ඉදිරිපත් කල යුතු ලේඛන වලට අමතරව ලාක් දීමනාව ලබා ගැනිම සදහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.
මුදල් අය කිරීම්
ලාක් දීමනාව ලබාදීමේදී රු 25000/- ට වැඩි ගෙවීම් සදහා රු 25/- ක මුද්දර ගාස්තුව















